අනිවාර්යයෙන් පරීක්‍ෂා කළ යුතු බව තහවුරු කෙරෙන රතු සංකේතවත් කළ කන්ටේනර් 323ක් කිසිඳු රේගු පරීක්‍ෂාවකින් තොරව නිදහස් කිරීමට උපදෙස්දීම හරහා දූෂණය නැමැති වරද යටතේ අනාගතයේදී බිමල් රත්නායක අමාත්‍යවරයාට නියතවම නඩු පවරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
ඊයේ (09) රාත්‍රී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළ අතර රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අකුරුගොඩ ද වත්මන් ආණ්ඩුවේ පව් සෝදන කාර්‍යයට යොදවාගෙන ඇති බවද සඳහන් කළේය.
ඉතිහාසයේ කවදාවත් සිදුනොවූ ආකාරයට දේශපාලඥයන් සිදුකළ වරදක් වසං කිරීමට නිලධාරීන් යොදාගැනීම කණගාටුදායක තත්ත්වයක් බවද මන්ත‍්‍රීවරයා පැවසීය.
මේ වන විට රටේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ විට ඒ සම්බන්ධව සොයා බැලීම වෙනුවට පැමිණිලිකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කෙරෙන තත්ත්වයක් මතුව ඇති බව පෙන්වාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ හේතුවෙන් එකී ආයතනය සතු මහජන විශ්වාසයටද හානි කෙරෙන අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවී තිබෙන බවද සඳහන් කළේය