Home අද ආණ්ඩුවේ ප්‍රධානම සති අන්ත පුවත්පතෙන් “බෝර්න් අගේන්” නිකායට සුපිරි ප්‍රචාරණයක්

ආණ්ඩුවේ ප්‍රධානම සති අන්ත පුවත්පතෙන් “බෝර්න් අගේන්” නිකායට සුපිරි ප්‍රචාරණයක්

230
0

ජාතික ජනබලවේගය ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ලේක් හවුස් හි සතිඅග ඉරිදා සිළුමිණ පුවත්පත විසින් දිවැසිවරයෙකු ලෙස පෙනී සිටින ජෙරම් ප්‍රනාන්දු ගේ ජීවිත කතාව සතිපතා ගෙනෙමින් තිබේ.

මෙවර එහි ඉඩ වෙන්කොට තිබෙන්නේ ජෙරම් ප්‍රනාන්දු ගේ බිරිඳ පාස්ටර් මෙලනි ප්‍රනාන්දු වෙනුවෙනි.

ජෙරම් ප්‍රනාන්දු ගේ මූලිකත්වයෙන් දියත්ව ඇති බෝර්න් අගේන් නිකාය සම්බන්ධව පසුගිය සමයේ ප්‍රබල විරෝධයක් රට පුරා පැවතිණ.

ඒ සමයේ විපක්ෂයේ ඇතැමුන් චෝදනා කර සිටියේ ජනතාව ලෙඩක් දුකක් වැළඳුණු කළ වෛද්‍යවරයෙකු වෙත නොගොස් දිව්‍යමය බලයෙන් රෝග සුවපත් කරන බව පවසා මිනිස් ජීවිත අනතුරේ හෙළන මෙවැනි මිත්‍යාවන් හිස ඔසවා ක්‍රියාත්මක වන්නේ එවකට ආණ්ඩු වල ප්‍රධානීන් මෙවැනි නිකායන් වෙතින් මූල්‍යමය වාසි ලබන නිසා බවය.

කෙසේවෙතත් ජාතික ජනබලවේගය ආණ්ඩුවද සිය රාජ්‍ය මාධ්‍ය තුළද බොර්න් අගේන් නිකායට මෙසේ ඉඩහසර දී තිබේ.

කිසියම් අයෙකු ගේ ආගමික විශ්වාසයන් සම්බන්ධ අයිතිය අපට ගැටළුවක් නොවන අතර ඒ සඳහා වන අනුලංඝනීය අයිතිය අපද පිළිගනිමු. නමුත් ජීවිතය අවධානමේ හෙළන සහ මනස විකෘති කරන ක්‍රියාවන් නම් අපි ප්‍රතික්ෂේප කරන බවද අවධාරණය කරමු.

එබැවින් ආගම ලෝකෝත්තර සුවය පිණිස තබාගෙන රෝගයක් වැළඳුණහොත් ඊට වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට තරම් සාමාන්‍ය දැනුම ප්‍රතික්ෂේප නොකර ලෞකික ජීවිතය පරිස්සම් කරගන්නා ලෙස ඔබෙන් ඉල්ලමු.

මේ වචන ටික හෝ අපි ඔබට ලිව්වේ ආණ්ඩුව ජාතික ජනබලවේගය වුවත්, රට අනුරට දුන්නත් ඔබේ පරිස්සම ඔබ විසින් රැකගන්නට සිදුව ඇති යථාර්ථය පෙන්වාදීමට මිස කාගේවත් ආගමික විශ්වාසයක් මත යකා නැටීමේ කිසිඳු අදහසකින් නොවන බවද අවධාරණය කරමු.

Previous articleඇතැම් රාජ්‍ය ආයතන තුළ කුඩා අධිරාජ්‍ය හදාගෙන : අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් !
Next articleමත්පැන් බලපත්‍රධාරීන් සඳහා බදු පිළිබඳ වැඩමුළුවක් සහ සුහද හමුවක් ජුනි 14 මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් හෝටලයේදී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here