Home අද සැදැහැවතුන්ගේ ගුටි පූජාවෙන් බේරුවල අපරාධ අංශයේ OIC ඇතුලු 3ක් රෝහලේ !

සැදැහැවතුන්ගේ ගුටි පූජාවෙන් බේරුවල අපරාධ අංශයේ OIC ඇතුලු 3ක් රෝහලේ !

60
0

කළුතර බේරුවල ප්‍රදේශයේ සිදුවූ ගැටුමකදී බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිසිය සඳහන් කරන ආකාරයට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

වාර්තා වන ආකරයට බේරුවල ධීවර වරාය ආසන්නයේ පොලිසිය සහ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් පසු මෙම පහරදීම සිදුව තිබේ.

බේරුවල ධීවර වරාය ආසන්නයේදී පිරිසක් ඊයේ (09) රාත්‍රියේ ලොරි රථයක නැග මාර්ගයේ බෞද්ධ කොඩි එල්ලමින් සිට ඇත.

එම ස්ථානය අසලින් ගමන් කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එම පිරිසට මාර්ගය අවහිර නොකර එම කටයුතු සිදුකරන ලෙස පැවසීමේ දී දෙපාර්ශ්වය අතර නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වී පහරදීම සිදුවූ බව පොලිසිය පවසයි.

ඒ අනුව තත්ත්වය පාලනය කිරීමට අහසට වෙඩි තැබීමක් සිදුකළ බවද වාර්තා වෙයි.

Previous articleවැඩ තහනමකට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් CID අත්අඩංගුවට
Next articleඅනුරාධපුර බන්ධනාගාර අධිකාරි නිවැරදි බව ඉදිරියේදී ඔප්පු කරනවා – නීතීඥයන් දන්වයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here