Home අද ජනාධිපති ඇවිත් ගියා විතරයි : කාගම හිමිගේ පන්සලේ ධාතු මන්දිරය හොරු බිඳලා...

ජනාධිපති ඇවිත් ගියා විතරයි : කාගම හිමිගේ පන්සලේ ධාතු මන්දිරය හොරු බිඳලා !

287
0

විචිත්‍ර ධර්ම කථීක පූජ්‍ය කාගම සිරිනන්ද හිමිගේ ගල්කිරියාගම පහමිණියාගම සිරිසදහම් විහාරස්ථානයේ අභීනවයෙන් ඉදිකළ තෙමහල් ධාතු මන්දිරය බිඳ සොරුන් විසින් බිඳ ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකරයට විහාරයේ ධාතු මන්දිරය බිඳ එහි තැන්පත් කර තිබූ කරඬුව සහ මංජුසාවක බහා තිබූ කුඩා මැණික් ගල් දහනවයක් සහ මුදල් සොරකම් කර ඇත.

සිදුවීම සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

විචිත්‍ර ධර්ම කථීක පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ගොඩනඟන ලද මෙම ධාතු මන්දිරය පසුගියදා ජනාධිපති අනුර දිසානායක ගේ සුරතින් විවෘත කෙරිණි

Previous articleප්‍රශ්නගත බහාලුම් 323 චෝදනාවට රේගු මාධ්‍ය අධ්‍යක්ෂ බෙල්ල තියයි !
Next articleජවිපෙ මන්ත‍්‍රීවරයකු සහ මන්ත්‍රී බිරිඳක් ජනාධිපති අරමුදලින් ලක්ෂ 30ක් අරගෙන : කෝ විමර්ශන ? දයාසිරි අහයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here