Site icon Newshub

සිරකරුවන් පිරිසක්ම ගෙදර යවලා ? බන්ධනාගාර කොමසාරිස් ජනරාල් දෙවන වරටත් CID කැඳවලා !

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිතා කර යම් සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් දින නිදහස් කර ඇති බවට විමර්ශන තුළින් හෙළිදරව් වෙමින් තිබෙන බව වාර්තා වෙයි.

ජනාධිපති කාර්‍යාලය සිදුකළ පැමිණිල්ලක් මත පදනම්ව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව සිදුකරන විමර්ශනයේදී මේ බව අනාවරණයවී ඇත.

මේ සම්බන්ධව සඳහන් වන පොලිසිය විසින් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් පැය 6 ක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

එසේම අදාළ සිදුවීම සම්බන්ධව දෙවන වරටද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙන බවද වාර්තා වෙයි.

Exit mobile version