කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 80 ක් සඳහා සභාපති ධුර වෙනුවෙන් මන්ත්‍රීවරු නම් කිරීමේ අවස්ථාව සමගි ජන බලවේගය හිමි කරගෙන ඇත.
ආණ්ඩු පක්ෂයට බහුතරය නැති සෙසු සියලු පළාත් පාලන ආයතන සඳහා සභාපති නම් කිරීමේ අවස්ථාව විපක්‍ෂයේ සෙසු පක්ෂවලට බෙදී ගොස් තිබේ.
ආණ්ඩු පක්ෂයට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි නොවූ පළාත් පාලන ආයතන සඳහා සභාපතිවරු උප සභාපතිවරුන් බෙදා ගැනීම සහ ඒවායේ බලය පිහිටුවීම සම්බන්ධව විපක්ෂයේ පක්ෂ අතර පැවැති සාකච්ඡාවලදී මෙම එකඟතාව ඇති කරගෙනෙන තිබේ.
පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල වලට අනුව ආයතන 178 ක බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාව හිමි වූයේ විපක්‍ෂයටය.
ඒ අනුව එම ආයතනවල බලය පිහිටුවීමේ දී සභාපති. උප සභාපති දුර ඒ ඒ පක්ෂ ලබාගෙන තිබෙන මන්ත්‍රී සංඛ්‍යාව අනුව බෙදා ගැනීමට විපක්ෂයේ පක්ෂ අතර පොදු එකඟතාවයක් ඇති කරගෙන තිබේ.
විපක්ෂයට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් හිමිව ඇති මෙම පළාත් පාලන ආයතන සඳහා සභාපති. උපසභාපති ධූරවලට සභිකයන් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව පළාත් පාලන ආයතන178 සඳහා ආණ්ඩු පක්ෂය සහ විපක්‍ෂය නම් කරන සභාපති තනතුරු වලට පුද්ගලයින් පත්කර ගැනීමේ ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය.