Home අද වෛද්‍ය රසායනාගාර කාර්මික විශේෂඥ රවී කුමුදේශ් මහතාගේ වැඩ තහනම්!

වෛද්‍ය රසායනාගාර කාර්මික විශේෂඥ රවී කුමුදේශ් මහතාගේ වැඩ තහනම්!

373
0

ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් පසුගිය මහා මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම සම්බන්ධයෙන් කුමුදේශ් මහතාගේ වැඩ තහනම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) චාමික ගමගේ මහතා  අද (09), ඔහුට ලිඛිත දැනුම් දීමක් කර ඇත.

2024-10-10 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩ තහනම් කිරීම සිදුකර තිබේ. ඒ අනුව රවී කුමුදේශ් මහතාට වැටුප් හෝ කිසිදු දීමනාවක් ලබාගත නොහැකි බව එම ලිපිය මගින් දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් දැනට සිදුකරන පරීක්ෂණ නිම වෙනතුරු විදේශගතවීම හෝ දැනට සිටින ලිපිනය වෙනස් නොකරන ලෙසත් යම් හෙයකින් ලිපිනය වෙනස් කරන්නේ නම් ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දිය යුතු බවත් අතිරේක ලේකම්වරයා යවන ලද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

Previous articleබන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම්!
Next articleබන්ධනාගාරයේ වැඩ බලන්න අතිරේක ලේකම්වරයෙක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here