Home අද රේගු නිලධාරීන්ට විදෙස් ගමන් තහනමක් පනවන්න – උදය ගම්මන්පිල

රේගු නිලධාරීන්ට විදෙස් ගමන් තහනමක් පනවන්න – උදය ගම්මන්පිල

281
0

රේගු පරීක්ෂාවට ලක් නොකර බහලුම් 323ක් නිදහස් කිරීමේ සිද්ධියට සම්බන්ධ නිලධාරීන් රට හැර යෑමට උත්සාහකරමින් සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙම නිලධාරීන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

බහලුම් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (09) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ ගම්මන්පිල මහතාගෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

නිදහස් කළ බහලුම් ලැයිස්තුව තමන් සතුවන බවත් ඒ සියලු තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleරජයේ පශුවෛද්‍ය නිලධාරීන් රට පුරා සංකේත වැඩ වර්ජනයක්!
Next articleකොළඹ ඇතුළු පළාත් පාලන ආයතන 80ක බලය සජබය අල්ලයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here