අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. වාර්තා වන ආකරයට ජනාධිපති සමාව ලැබුණු පවසමින් එම බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.
මූල්‍ය වංචාවක් සම්බන්ධව මාස 6ක සිරදඬුවමක් නියමවූ තැනැත්තෙකු, දඬුවමින් දින 10ක් යන තැන වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධව සමාජයේ බරපතළ විරෝධයක් ඇති විය.
විශේෂයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මේ සම්බන්ධව දැඩිව ප්‍රශ්න කෙරිණ. එහිදී සිද්ධිය පිළිබඳව ජනාධිපති කාර්‍යාලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් කරනු ලැබිණ. ඒ සමඟ ජනාධිපති සමාව ලබාදෙන ලැයිස්තුවේ එම රැඳවියාගේ නම නොතිබූ බවටද ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් ද නිකුත්කර තිබිණ.
එමඟින් සිදුවීම විමර්ශනය කර වගකිව යුත්තන්ට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීමට ඉල්ලා තිබිණ.