Home අද පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය අභ්‍යන්තරයේ දැඩි අර්බුදයක් ?

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය අභ්‍යන්තරයේ දැඩි අර්බුදයක් ?

72
0

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව ජාතික ජනබලවේගය අභ්‍යන්තරයේ දැඩි අර්බුදයක් නිර්මාණය වී ඇත.

ජාතික ජන බලවේගය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම මැතිවරණය කල්දැමීමට උත්සාහ කිරීමත් අගමැති ඇතුළු ආණ්ඩුවේ තවත් කණ්ඩායමක් පළාත් සභා මැතිවරණය වහාම පැවැත්වීම වෙනුවෙන් කටයුතු කිරීමත් නිසා මෙම අර්බුදය හටගෙන තිබෙන බව ජාතික ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සහ රට තුළ නිර්මාණය වී ඇති වත්මන් තත්ත්වය මත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නොමැති බව ආණ්ඩුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ පාර්ශ්වයේ අදහස වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පළාත් සභා මැතිවරණය නොපවත්වා එය තවදුරටත් කල්දැමීමෙන් ආණ්ඩුවට දැඩි අවාසිදායක තත්ත්වයක් ඉදිරියේදී උද්ගත විය හැකි බව මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවට පෙනී සිටින කණ්ඩායමේ මතය වී තිබේ.

මේ අතර පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස උතුරේ දේශපාලනඥයින්ගෙන්.සහ ඉන්දියාවෙන් දැඩි බලපෑමක් ආණ්ඩුවට එලවී ඇත.

උද්ගතව ඇති සියලු කරුණු කාරණා සම්බන්ධයෙන් ඉදිරි සති දෙක ඇතුළත ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් කැඳවා පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ගය වැඩිදුරටත් සඳහන්කරයි.

Previous articleඅනුරාධපුර බන්ධනාගාර අධිකාරි අත්අඩංගුවට !
Next articleරජයේ පශුවෛද්‍ය නිලධාරීන් රට පුරා සංකේත වැඩ වර්ජනයක්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here