Home අද රිලා රැඳවුම් මධ්‍යස්ථානයක් සමඟ රිලවියන්ට ලූප් දාන සූදානමක් !

රිලා රැඳවුම් මධ්‍යස්ථානයක් සමඟ රිලවියන්ට ලූප් දාන සූදානමක් !

93
0

රිළවුන්ගෙන් සිදුවන හානිය පාලනයට රැඳවුම් මධ්‍යස්ථාන ඉදි කර රිළවුන් ගාල් කිරීමටත් ගැහැනු සතුන් සඳහා ලූපයක් පළඳවා ගහනය පාලනය කිරීමටත් තීරණයක් ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙහි නියමු ව්‍යාපෘතිය මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත බව මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සිදුකෙරුණු සාකච්ජාවක් උපුටා දක්වමින් “දිවයින” වාර්තා කර තිබේ.

ඊට අනුව මෙරට පළමු රිළා රැඳවුම් මධ්‍යස්ථානය මාතලේ දිස්ත්‍රික්කයේ කළුගඟ ජලාශයට ආසන්නයෙන් ඉදි කිරීමට හඳුනාගෙන ඇත. ජලය, ආහාර, ආරක්ෂාව ඇතුළුව හෙක්ටයාර් 150ක් මධ්‍යස්ථානය ඉදි කිරීමට තෝරාගෙන තිබෙන බව දෙපාර්තමේන්තුව කියයි.

ඉදිකිරීමට යෝජිත රිළා රැඳවුම් මධ්‍යස්ථානය සඳහා වන ජීවී සංරක්ෂණ අමාත්‍යාංශය නිර්දේශ දී තිබෙන අතර මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය පසුගිය 05 දා ලැබී තිබේ.

මෙම රිලා රැඳවුම් මධ්‍යස්ථානය ඉදිකිරීමට රුපියල් මිලියන 283.87 ප්‍රතිපාදන වෙන් කර ඇත.

ගාල් කෙරෙන රිළවුන් යළි පරිසරයට පලා නොයන ලෙස මධ්‍යස්ථානය ආරක්ෂිතව ඉදි කෙරේ. තෝරාගත් ප්‍රදේශයේ ස්වාභාවික ආහාර ප්‍රමාණවත් වන බවත් අවශ්‍ය වුවහොත් පිටතින් ආහාර සැපයීම තීරණ කර ඇති බවත් සඳහන් ය. එක් රිළවකු සඳහා දිනකට ග්‍රෑම්ස් 70 ක ආහාර ප්‍රමාණවත් වන බව වනද තක්සේරු කර ඇත.

කෙසේවෙතත් මීට පෙර රිලවුන් සහ වඳුරන් වෙතින් සිදුවන වගා හානිය සැළකිල්ලට ගෙන රිලා සංගණනයක් කිරීමට රජය කටයුතු කළත් එහි ප්‍රතිඵල මෙතෙක් ප්‍රසිද්ධ කිරීමට අසමත්ව තිබේ.

එසේම රිලා ගැටළුව විසඳීමට මහනුවර දිස්ත්‍රික්කයේ රිලා දූපතක් යෝජනා කර ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව පැවසුණ නමුත් එයද ක්‍රියාත්මක වූයේ නැත.

Previous articleනැගෙනහිර පර්‍යන්තය ගැන වරාය පාලනාධිකාරියෙන් ආණ්ඩුවට නැව් කඹයක් දීලා !
Next articleප්‍රශ්නගත බහාලුම් 323 චෝදනාවට රේගු මාධ්‍ය අධ්‍යක්ෂ බෙල්ල තියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here