Home අද බිබිල ප්‍රාදේශිය සභා මංගල සැසියේදී මාලිමා සභාපති කළ අතිවිශේෂ දේ : news...

බිබිල ප්‍රාදේශිය සභා මංගල සැසියේදී මාලිමා සභාපති කළ අතිවිශේෂ දේ : news 1st වාර්තා කරයි !

228
0

බිබිල ප්‍රාදේශිය සභාවේ මංගල සැසිවාරය (06) වනදා ආරම්භ කර ඇති අතර එහි සභාපති ලෙස තේරී පත්වූ ජාතික ජනබලවේගය පක්ෂයේ සරත් විදානගමගේ තමන්ට වෙන්කර තිබූ පුටුව ඉවත්කර සාමාන්‍ය වේවැල් පුටුවක් ගෙන සභාවාරය මෙහෙයවා තිබේ.

ඒ බව මෙම මංගල සැසියේ සිදුවූ විශේෂ සිදුවීම ලෙස වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛ මාධ්‍ය සහකරු ලෙස කටයුතු කරන සිරස නිව්ස් ෆස්ට් වාර්තා කර තිබේ.

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් බිබිල ප්‍රාදේශිය සභාවේ ආසන 18න් 10ක් ජාතික ජනබලවේගය පක්ෂය ලබාගත් අතර සරත් විදානගමගේ එහි සභාපති වූයේ ඒ අනුවය.

ජුනි 6 පැවති මෙම මංගල සැසිය වෙනුවෙන් සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 17දෙනෙකු පමණක් ඊට සහභාගී ව ඇතත් පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තේරීපත්වූ මන්ත‍්‍රීවරයා සහභාගීව නැත.

මෙවැනි ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් අතිශයින් වැදගත් (?) “අතිවිශේෂ ග්‍රාම්‍ය ක්‍රියාදාම” ඔබටද වාර්තා වුවහොත් හුදීජන පහන් සංවේගය සඳහා ලොවටම දැනගන්න සැලැස්වීම සඳහා අප වෙතද යොමුකරන ලෙස ඉල්ලා සිටිමු.

Previous articleසීනි ලොක්කා ගියා විතරයි : ලංකා හොස්පිටලස් සභාපතිත් ඉල්ලා අස්වෙයි !
Next articleඅල්ලස දූෂණය පිටුදැකීම සහ දේශපාලනය පටලවා ගන්න එපා – රංග දසනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here