කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරය ජාතික ජනබලවේගය පක්ෂය වෙත ලබාදීම වෙනුවෙන් සහාය පළකරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරයා නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ඉදිරියේ දිවුරුම් දී ඇත.
පළාත් පාලන මැතිවරණයට පෙර ජාතික ජනබලවේගය පක්ෂය පවසා සිටියේ එම පක්ෂයේ හැර මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරනුයේ මෙතෙක් පැවති ආණ්ඩු සමඟ එක්ව ජනතා ධනය සොරකම් කළ, හොරු, වංචාකාරයන් සහ දූෂිතයන් බවයි.
එබැවින් එවැනි පාර්ශ්ව සමඟ කිසිඳු සම්බන්ධයක් නොමැති බව ජාතික ජනබලවේගය පක්ෂයේ කොළඹ මහ නගර සභාව වෙනුවෙන් ඉදිරිපත් වූ නගරාධිපති අපේක්ෂිකා ව්‍රායි බල්තසාර් ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළාය.
කෙසේවෙතත් මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව ජාතික ජනබලවේගය පක්ෂය එකී ප්‍රතිපත්තිය සංශෝධනය කර “හොඳ අයගේ” (සුදු මිනිස්සු) සහාය ගෙන පළාත් පාලන ආයතන වල බලය පිහිටුවන බව ප්‍රකාශ කෙරිණ.
ඒ අනුව මේ වන විට කලක් මහින්ද රාජපක්ෂ කදවුර නියෝජනය කළ ප්‍රභා ගනේෂන් ගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය “සුදු මිනිස්සු” ලෙස බෞතීස්මය හිමිව ඇත