Home අද සීනි ලොක්කා ගියා විතරයි : ලංකා හොස්පිටලස් සභාපතිත් ඉල්ලා අස්වෙයි !

සීනි ලොක්කා ගියා විතරයි : ලංකා හොස්පිටලස් සභාපතිත් ඉල්ලා අස්වෙයි !

1550
0

වෛද්‍ය නිලුපුල් පෙරේරා මහතා වහාම ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී සභාපති ධුරයෙන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකරයට ඒ මහතා 05 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී හි සභාපති විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂ ධුරවලින් ඉල්ලා අස්වන බවට දැනුම් දී ඇත.

ඒ අනුව 2024 දෙසැම්බර් 05 දින අදාළ තනතුරේ වැඩභාර ගන්නා ලද ඔහු මාස 06ක කාලයක් ගෙවෙන තැන ඉල්ලා අස්වීමට තීරණය කර තිබීම විශේෂත්වයකි.

මීට ආසන්නවතම සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමෙහි “දේශීය සීනි කර්මාන්තය රැකගැනීමට අදාළ” ප්‍රකාශයක් පළකිරීම හේතුවෙන් තනතුරෙන් ඉවත්වන ලෙස විෂය භාර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කළ දැනුම්දීමකට අනුව පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න ඉල්ලා අස්විය.

විෂයභාර අමාත්‍ය සුනිල් හදුන්නෙත්තිගේ ඉල්ලීම සලකා බලා තමා ජුනි 27 වන දින සිට සේවයෙන් ඉවත්වන බව සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න විෂයභාර අමාත්‍යවරයාට යැවූ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න කන්තලේ සීනි කම්හලට අයත් ඉඩම්වල බඩ ඉරිඟු වගා කිරීමට අවසර ලබා දීමේ තීරණය විවේචනය කරමින් මැයි 24 දින නුවන් ධර්මරත්න තම මුහුණු පොතේ සටහනක් තබා තිබිණ.

එසේම  ලංකා විදුලි බල මණ්ඩලය සඳහා ද පසුගියදා නව සභාපතිවරයකු පත්කළ අතර ඒ එහි සභාපති ලෙස කටයුතු කළ ජාතික ජනබලවේගය ආණ්ඩුවේ බලශක්ති වැඩපිළිවෙලේ නිර්මාතෘ ලෙස පසුගිය මැතිවරණ සමයේ පෙනීසිටි ආචාර්‍ය තිලක් සියඹලාපිටිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීම නිසාය.

Previous articleOTTO නාන කාමර උපාංගවලට SLS තත්ත්ව සහතිකය හිමි වේ
Next articleබිබිල ප්‍රාදේශිය සභා මංගල සැසියේදී මාලිමා සභාපති කළ අතිවිශේෂ දේ : news 1st වාර්තා කරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here