Home අද අල්ලස දූෂණය පිටුදැකීම සහ දේශපාලනය පටලවා ගන්න එපා – රංග දසනායක

අල්ලස දූෂණය පිටුදැකීම සහ දේශපාලනය පටලවා ගන්න එපා – රංග දසනායක

78
0

දූෂණය සම්බන්ධ කාරණයේදී මෙරට සිටින්නේ බහුතරයක් සුදු කරපටි අපරාධකරුවන් සමඟ බවත් ඔවුන් ඉතා බලවත් බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දසනායක පවසයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ කටයුතු සමඟ දේශපාලනය පටලවා නොගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

කොළඹ සංවිධානය කර තිබූ වැඩසටහනක් අමතමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළ අතර අල්ලස හෝ දූෂණය පිටුදැකීම වශයෙන් සාමාන්‍යයෙන් සිදුවෙමින් තිබෙනුයේ රුපියල් 1000-2000 චෝදනා ලැබූවන් අල්ලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම බවද පෙන්වා දුන්නේය.

නමුත් අල්ලස සහ දූෂණය සම්බන්ධව ලැබී ඇති පැමිණිලි විමසා බැලීමේදී ඒවායේ සඳහන් ඉලක්කම් සාමාන්‍ය ක්‍රමයට කියවීමට තරම් දුෂ්කර වන තරමට විශාල බවද ඔහු පැවසීය.

පාරේ කුනු ගෙනියන කම්කරුවාගේ සිට රාජ්‍ය නිලධාරීයා දක්වා අල්ලස හෝ දූෂණය දෛනික ජීවිතයේ පුරුද්දක් බවට පත්ව ඇති ආකාරයද ඒ මහතා පෙන්වා දුන්නේය

Previous articleබිබිල ප්‍රාදේශිය සභා මංගල සැසියේදී මාලිමා සභාපති කළ අතිවිශේෂ දේ : news 1st වාර්තා කරයි !
Next articleලක්ෂ 40 මූල්‍ය වංචාකරුට ජනාධිපති සමාව දීම ගැන : මොලේට සමනල් ගැටේ වැටෙන නිවේදනයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here