Home අද ලක්ෂ 40 මූල්‍ය වංචාකරුට ජනාධිපති සමාව දීම ගැන : මොලේට සමනල් ගැටේ...

ලක්ෂ 40 මූල්‍ය වංචාකරුට ජනාධිපති සමාව දීම ගැන : මොලේට සමනල් ගැටේ වැටෙන නිවේදනයක් !

877
0

රුපියල් ලක්ෂ 40ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය විසින් වරදකරු කර බන්ධනාගාර ගතකළ ඩබ්.එම්. අතුල තිලකරත්න නමැති හිටපු මූල්‍ය කළමනාකරුවෙකුට දින 10ක් තුළ වෙසක් දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව ලබාදීමේ පුවත පිළිබඳව කරුණු පැහැදිලි කරමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කර ඇත.

බන්ධනාගාර කොමසාරිස් ( මාධ්‍ය ප්‍රකාශක ) විසින් නිකුත්කර ඇති එම නිවේදනය පහත දැක්වෙයි.

අනුරාධපුර ගරු මහාධිකරණය මගින් විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න (ඩබ්.එමි. අතුල තිලකරත්න) යන සිරකරු බන්ධනාගර ගත කර ඇත්තේ ලංකා දණ්ඩනීතී සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංගනය කිරීම හේතුවෙන් වන අතර ගෙවීමට නියම කර ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙස ගරු අධිකරණය මඟින් නියමකර ඇති අතර එම දඩය නොගෙවන්නේ නම් මාස 06ක බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියම කර ඇත.

2025.05.12වන දිනට යෙදී තිබූ වෙසක් පොහොය දිනය නිමිතිකොට ගෙන 2025.05.05 දින වන විට බන්ධනාගාරගතව සිටින රැදවියන් සදහා වෙසක් පොදු සමාව පිරිනැමීම කොන්දේසි වලට යටත්වය.

ඒ අනුව මෙම සිරකරු ද ගෙවීමට තිබෙන දඩ මුදල් අහෝසි වීම මත නිදහස් රිමාන්ඩ් වී ඇත. මීට අමතරව පැවති නඩුවට ඇප අත්සන් කල බවට ලද නියෝගය අනූව ගරු මහාධිකරණයට ඉදිරිපත් කර මුදා හැරිණි.

මෙම සමාව කිසිසේත් උක්ත පුද්ගලයා කේන්ද්‍රකර සිදු කරන ලද්දක් නොවන අතර පොදුවේ සිරකරුවන් උදෙසා පිරිනැමූවක් පමණි.

ගාමිණී බී. දිසානායක
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)

අදාළ සිරකරුට ජනාධිපති සමාව ලබාදීම සාධාරණීකරණය කිරීමේ අපේක්ෂාව ඇතුව නිකුත්කර ඇති මෙකී නිවේදනය ද ව්‍යාකරණ දෝෂ ඇතුළුව ඉතා අපහැදිලි බැවින් හරිහැටි කරුණු දැක්වීමක් සිදුකර නැවත නිවේදනයක් නිකුත් කිරීම යෝග්‍ය බව විචාරක මතය වී තිබේ.

ලක්ෂ ගණන් ගහලා : වංචා නඩු 20යි : ජනපති අනුරගේ සමාවෙන් ගෙදර යවයි 

Previous articleඅල්ලස දූෂණය පිටුදැකීම සහ දේශපාලනය පටලවා ගන්න එපා – රංග දසනායක
Next articleමහින්ද කඳවුරේ සිටි ප්‍රභා ගනේෂන් සුදු වෙයි : මන්ත්‍රී වටගල ඉදිරියේ දිවුරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here