Home අද ට්‍රම්ප් චීනයේ නිල සංචාරයකට සැරසෙයි!

ට්‍රම්ප් චීනයේ නිල සංචාරයකට සැරසෙයි!

90
0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ නිල සංචාරයකට එක්වන බව තහවුරු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. චීන ජනාධිපති ෂී ජින්පින්ග් සමග පැවති දුරකතන සංවාදයකින් අනතුරුව ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බවත් චීන ජනාධිපතිවරයා සමග පැවති දුරකතන සංවාදය ඉතා හොඳ මට්ටමින් පැවති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා තිබේ.

දුරකතන සංවාදය පැය එකහමාරකට ආසන්න කාලයක් වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් පැවති අතර එය දෙපාර්ශ්වයටම ධනාත්මක වූ බව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සමාජ මාධ්‍ය පණිවුඩයක් සටහන් කරමින් කියාසිටී. එමෙන්ම චීන ජනාධිපතිවරයාට ද ධවල මන්දිරයට පැමිණෙන ලෙස තමා ආරාධනා කළ බවද ඇමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන බවද වාර්තා වේ.

චීනය ඉලක්ක කර ගනිමින් පසුගිය පෙබරවාරි මාසයේදී ආරම්භ කළ වෙළෙද යුද්ධයෙන් අනතුරුව රාජ්‍ය නායකයින් දෙදෙනා කතා බහක යෙදුනු පළමු අවස්ථාව මෙය බවද සඳහන් වේ.

Previous articleකන්ටේනර් 323 තිබුණේ ආයුධ නෙවෙයි : තුයියකොන්තා සහතික වෙයි : කමිටු වාර්තාව එන සතියේ !
Next articleඉන්දු- ලංකා ගිවිසුම් වලට එරෙහි පෙත්සම් වලට දින දෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here