ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ජුනි 13 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(06) නියෝග කර තිබේ.
ඒ, ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් හාර ලක්ෂ හැත්තෑ අටදහසකට අධික වටිනාකමින් යුත් ලැප්ටොප් පරිගණකයක් හා ජංගම දුරකතනයක් ඇතුළු භාණ්ඩ සාපරාධි සාවද්‍ය පරිහරණය සිදු කළ බවට සිදුකරන විමර්ශනයකට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.
මෙම චෝදනාව මත තුසිත හල්ලොලුව පසුගිය 30 වනදා සිට අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණ