Site icon Newshub

කන්ටේනර් 323ක් නිදහස් කිරීම : බිමල්ට එරෙහි සටන මහ පාරට !

කන්ටේනර් 323ක් කිසිඳු රේගු පරීක්ෂාවකින් තොරව පිටමං කිරීම සම්බන්ධයෙන් අද (06) ඇමැති බිමල් රත්නායක ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණ.

නව ජනතා පෙරමුණ විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතාව සඳහා මහා සංඝරත්නය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

” හොර කන්ටේනර් මගඩිය – ඇමති බිමල් රත්නායක වහා අත්අඩංගුවට ගනු! ” යන ප්‍රධාන බැනරය යටතේ, ” කන්ටේනර් ඇතුලේ තහනම් බඩු ද ?”, “උද්දච්ච බිමල් රට රවටයි !”, ඇමති බිමල් වහා අත්අඩංගුවට ගනු !”, රේගු ආදායම බිමල් පොකට් ගහයි”, වැනි සටන් පාඨ පුවරු සහිතව පිරිස විරෝධතාකරුවන් අත දරා සිටිනු දක්නට ලැබිණ

Exit mobile version