Home අද මර්වින්ට ඇප !

මර්වින්ට ඇප !

45
0

කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස්කර මුදල් වංචාකිරීමේ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද (06) කොළඹ මහාධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් මාර්තු මස මර්වින් සිල්වා අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගතකර සිටියේය.

එහිදී අල්ලස් කොමිසම විසින් සිය නිත්‍යානුකූල ආදායම අභිභවා රුපියල් කෝටි ගණනක දේපළ, වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් මර්වින් සිල්වා ට අධි චෝදනා භාර දී ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධිචෝදනා විත්තිකරුට භාර දීම සිදු කෙරුණි.

ඉන් අනතුරුව විත්තිකරු ඇප මත මුදා හැරීමට අධිකරණය නියම කර තිබේ.

Previous articleනලින්ද බොළඳයි – සෞඛ්‍ය වර්ජනය අදත් ක්‍රියාත්මකයි !
Next articleභාතිය – සංතුෂ් “වේරැස් ගඟේ” පැටලේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here