Home අද කතානායකගේ ත්‍රිපුද්ගල කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි.

කතානායකගේ ත්‍රිපුද්ගල කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි.

123
0

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවෙන් ගයන්ත කරුණාතිලක මහතා ඉවත් වූ බව අද (6) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කථානායක ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්හ.

ඒ අනුව ගයන්ත කරුණාතිලක මහතා වෙනුවට නීතිඥ රවුෆ් හකීම් මහතා පත්කළ බව ද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්හ.

ඉකුත් මැයි 20 වනදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධව ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කළ අතර මෙම කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය කටයුතු කරයි. අනෙක් සාමාජිකයා වන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතායි

Previous articleවිපක්ෂය බලය ගත්තත් කරන්න දෙන්නේ නෑ : සරත් චොප්පෙට අඳියි !
Next articleතුසිත හල්ලොලුව ලබන 13 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරයට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here