Home අද හිටපු ඇමතිණි චන්ද්‍රාණිටත් අධි චෝදනා

හිටපු ඇමතිණි චන්ද්‍රාණිටත් අධි චෝදනා

52
0

හිටපු ඇමතිණි චන්ද්‍රාණි බණ්ඩාරට එරෙහිව අද(06) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදී තිබේ.

ඒ, පසුගිය යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමැතෙකුට වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යංශයේ නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි චෝදනාවටයි.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ භාරදීම සිදුවිය.

අනතුරුව විත්තිකාරියගේ ඇඟිලි සලකුණ ලබාගන්නා ලෙස නියෝග කළ විනිසුරුවරයා විත්තිකාරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කර තිබේ

Previous articleතුසිත හල්ලොලුව ලබන 13 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරයට
Next articleකන්ටේනර් 323 තිබුණේ ආයුධ නෙවෙයි : තුයියකොන්තා සහතික වෙයි : කමිටු වාර්තාව එන සතියේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here