Home අද මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් අරක්කු මුදලාලිලාගෙන් මුදල් ගන්නවා – හඳුන් : අනුරත් ෆේල්...

මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් අරක්කු මුදලාලිලාගෙන් මුදල් ගන්නවා – හඳුන් : අනුරත් ෆේල් ?

134
0

මෙරට මත්පැන් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගන්නා නිලධාරීන් දෙතුන් දෙනෙකු මුදල් අමාත්‍යංශයේ සිටින බවත් ඔවුන් කවුද යන්න තමන් ළඟදීම හෙළිදරව් කරන බවත් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පැවසීය.

පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මතුකළ කරුණකට ප්‍රතිචාර දක්වමිනි.

එතනෝල් මිල රුපියල් 800ක් දක්වා වැඩි කිරීමට තීරණය කළේ සීනි කර්මාන්තය රැකගැනීමට බවද එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

අරක්කු මිල වැඩිවී තිබෙන්නේ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් කිහිපදෙනෙකු අරක්කු මුදලාලිලාගෙන් මුදල් ලබාගන්නා නිසා බවත්, ඔවුන් මෙම ගැටළුව විසඳීමට ඉඩ නොදෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පැරණි වැරදි දේශපාලන චර්‍යාවන් වෙනස් කරගත නොහැකිවූ නිලධාරීන් කිහිපදෙනෙකු සිටින අතර ඔවුන් ළඟදීම හෙළිදරව් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

එතනෝල් මිල අඩු කළහොත් උක් ගොවීන්ට ගෙවන මිල අඩු කිරීමට සිදුවන අතර එය කළ නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මන්ත‍්‍රීවරයා ගේ අදහස් ද අපේක්ෂා කරන බව පැවසූ අතර එහිදී නැගීසිටි මන්ත‍්‍රීවරයා සීනි කර්මාන්තයත් උක් ගොවියාත් රැකගෙන එතනෝල් මිල ඉහල තබාගෙන අරක්කු මිල අඩුකර ගැනීම වෙනුවෙන් කළ යුතු දේ පැහැදිලි කළේය.

මේ සම්බන්ධව අදහස් දක්වමින් විචාරකයෙකු පවසා සිටියේ, කවර අපේක්ෂාවක් ඇතිව සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් කිහිපදෙනෙකු අරක්කු මුදලාලිලාගෙන් මුදල් ලබාගන්නා බව පැවසූවත්, ඒ ප්‍රකාශය සත්‍යක් නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානයක අමාත්‍යංශය හැසිරවීමෙහි අසමත් බව තහවුරු කර තිබෙන බවය.

උක් ගොවියා, එතනෝල් මිල , සීනි කර්මාන්තය සහ අරක්කු මිල සම්බන්ධව ප්‍රශ්නය විසඳීමට මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් දෙතුන් දෙනෙකු හේතුවී ඇත්නම් ඒ ගැන සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා දැනුවත් නම්, එය කිසිසේත් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා නොදැන සිටිය නොහැකි බවද විචාරක මතය වී තිබේ.

මේ හරහා පෙන්නුම් කෙරෙනුයේ නිලධාරීන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම බවත්, එවැනි සරල කාරණයක් විසඳීමට කඩිනම් පියවර ගැනීමට අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානයක අසමත් නම් ඊට අසමත් මිස කියන්නට වෙනත් වචනයක් නොමැති බවද ඔහු අවධාරණය කර සිටියේ ය

Previous articleලක්ෂ ගණන් ගහලා : වංචා නඩු 20යි : ජනපති අනුරගේ සමාවෙන් ගෙදර යවයි 
Next articleඇසුරුම්කරණයේ නව යුගයක් – තාක්‍ෂණයේ පුනරුදයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here