Home අද ඉන්දු- ලංකා ගිවිසුම් වලට එරෙහි පෙත්සම් වලට දින දෙයි !

ඉන්දු- ලංකා ගිවිසුම් වලට එරෙහි පෙත්සම් වලට දින දෙයි !

71
0

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පසුගිය අප්‍රේල් මාසයේ ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 12 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05 වැනිදා) නියෝග කළේය.

වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබූ මෙම පෙත්සම ඊයේ (05) ව අචල වෙංගප්පුලි සහ මේනකා විජේසුන්දර ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මෙය ජාතික වැදගත්කමක් සහිත නඩුකරයක් බැවින් ඒ පිළිබඳව කඩිනමින් කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 12 වැනිදා කැඳවන ලෙස නියෝග කරන ලදී.

පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, අගමැතිනි හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම්කර ඇති අතර එමඟින් කියා සිටින්නේ ඉකුත් දා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම මෙරට ආණ්ඩුක්‍රමව ව්‍යවස්ථාවට මෙන්ම ජාත්‍යන්තර නීතියට ද පටහැනි බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් 04 සිට 06 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ යෙදී සිටි නිල සංචාරය අතරතුර ශ්‍රී ලංකාව සමඟ ගිවිසුම් 7ක් හුවමාරු කරගන්නා ලද අතර ඒ, 1. බලශක්ති හුවමාරු ගිවිසුම2. ඩිජිටල් සහයෝගිතා ගිවිසුම3. ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානය4. ආරක්ෂක සහයෝගිතා ගිවිසුම5. බහු ආංශික ප්‍රදාන සහයෝගය – නැගෙනහිර පළාත6. සෞඛ්‍ය සහ ඖෂධ ගිවිසුම වශයෙනි.

කෙසේවෙතත් මෙම අවබෝධතා ගිවිසුමේ අන්තර්ගත කරුණු පිළිබඳව මෙතෙක් මහජනතාව දැනුවත් කර නොමැති අතර, එය ජනතාවගේ ව්‍යවස්ථාදායක අයිතිය උල්ලංඝනය කිරීමක් බවට ද පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට මෙන්ම භෞමික අඛණ්ඩතාවට ද හානි සිදු වී ඇති අතර, මෙම අවබෝධතා ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට අත්සන් තැබීමට රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවටද එමගින් චෝදනා කර ඇත. එමගින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් ලක්ෂ විස්සක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස වැඩිදුරටත් ඉල්ලා තිබේ

Previous articleට්‍රම්ප් චීනයේ නිල සංචාරයකට සැරසෙයි!
Next articleලක්ෂ ගණන් ගහලා : වංචා නඩු 20යි : ජනපති අනුරගේ සමාවෙන් ගෙදර යවයි 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here