ඇමරිකාව විසින් අලුතින් හඳුන්වාදී තිබෙන නව ප්‍රතිපත්තිය හමුවේ මෙරටට අදාළ තීරුබදු ඉහල යාම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එරටට ගිය නියෝජිත කණ්ඩායම යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
එම කණ්ඩායම සමග ගිය මුදල් නියෝජ්‍ය ඇමැති හර්ශන සූරියපෙරුම අද (30) කොළඹ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ එක්සත් ජනපද නියෝජිතයා සමග නැවත වතාවක් මෙම තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
දැනට ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ප‍්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු එහිදී පැවසුවේය.
කෙසේ වුවත් පසුගියදා පැවති ජාතික ජනබලවේගය පක්ෂයේ මැතිවරණ රැලියකදී ජනාධිපති අනුර කුමාර දිසානයක පවසා සිටියේ තීරුබදු ඉහල දැමීම පිළිබඳව ඇමරිකාව සමඟ පැවැත්වු සාකච්ජා සාර්ථක බවත්, ඒ සම්බන්ධව දෙපාර්ශ්වය විසින් ඒකාබද්ධ ප්‍රකාශයක්ද සිදුකිරීමට නියමිත බවත් ය.
ජනාධිපතිවරයා එසේ පැවසුවද ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව එක්ව සිදුකරන ඒකාබද්ධ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුවේදී විශේෂ අදහසක් ඉදිරිපත් කෙරුණේ නැත.
මේ සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව ඇති අතර , එහිදී ජනාධිපතිවරයා ප්‍රසිද්ධ වේදිකාවක රට හමුවේ තැබූ, “තීරුබදු ඉහල දැමීම සම්බන්ධව සාකච්ජා සාර්ථකයි, ඉදිරියේදී දෙරටින් ඒකාබද්ධ නිවේදනයක්” යන ප්‍රකාශය ප්‍රශ්න කෙරෙමින් තිබේ. ඒ අදාළ සාකච්ජා පිළිබඳව ජනාධිපති රටට බොරු කිව්වාද ? ඇමරිකාවට ගිය මෙරට නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයාට බොරු කිව්වාද ? යනුවෙනි.