දෙසැම්බර් මාසය වන විට ජනාධිපති ධූරයේ කිසිඳු වෙනසක් වීමට ඉඩක් නැති පසුබිමක විපක්ෂයේ අයෙකු ජනාධිපති කරන බවට ප්‍රකාශ නිකුත්කරමින් සිටින පුද්ගලයන් සම්බන්ධව නීති ක්‍රියාමාර්ග නොගන්නේ ඇයිදැයි සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධානියෙකු වන සුරංග සේනානායක ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික වෙතින් බැගෑපත්ව අසා සිටියේය.
ඒ සිරස සටන (29) වැඩසටහනේදී ය.
එහිදී සුරංග සේනානායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ වෙනත් රටක නම් මේ වන විට එවැනි ප්‍රකාශ නිකුත්කරන පුද්ගලයන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.
සජබ ප්‍රබලයෙකු වන පාර්ලිමේන්තු කබීර් හෂීම් විසින් සජිත් ජනාධිපති කරන බව පවසා ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ද ජනාධිපති ධූරයේ වෙනසක් ගැන පවසා ඇති බවත් ඔවුන් සම්බන්ධව ක්‍රියාත්මක නොවීම ගැන ජනතාව මැසිවිලි නගන බවත් සුරංග සේනානායක සිහිපත් කර සිටියේ ය.
ඊට සහාය වෙමින් වැඩසටහන සඳහා එක්ව සිටි සිරස සංජීව රණතුංග ද අසා සිටියේ ව්‍යවස්ථාව රකින බවට දිවුරුම් දී ඇති අයට මෙසේ පැවසිය හැකිද කියාය.
එහිදී “බරින් ගන්න.. බරින් ගන්න” කියමින් සුරංග සේනානායක තවදුරටත් බැගෑපත්වනු දකින්නට ලැබිණ.
සිරිසේන ජනාධිපති සමයේ ඔහු දියත්කළ අපකීර්තිමත් ව්‍යවස්ථා විරෝධි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණය අවස්ථාවේ එය සාධාරණීකරණයට ලක්කර ප්‍රධාන මාධ්‍ය භූමිකාව සිදුකළේද සිරස මාධ්‍ය ජාලය විසිනි.