ජාතික ජනබලවේගය පක්ෂයේ මැතිඇමතිවරුන් වැටුප් ගන්නා බවත් ඔවුන් වැටුප් නොගන්නා බවක් කොහේවත් කියා නොමැති බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර පවසයි.
ඇය මේ බව සඳහන් කර සිටියේ විද්‍යුත් නාලිකාවක පැවති දේශපාලන සාකච්ජාවකදී අදහස් දක්වමිනි.
තම ගිනුමට මන්ත්‍රී වැටුප බැරවෙන බව අවධාරණය කළ ඇය ” මොකක්ද ප්‍රශ්නය ? ” කියාද එහිදී විමසුවාය.
ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂයේ නියෝජිතයන්ගේ ප්‍රතිචාරය වූයේ ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් වැටුප් නොගෙන සේවය කරන බව ඔවුන් විසින්ම අනේකවාරයක් පවසා ඇති බවයි.
එහිදී ජාතික ජනබලවේගය පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර පවසා සිටියේ තම පාර්ශ්වය එවැන්නක් පවසා නොමැති නමුත් විපක්ෂය ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් වැටුප් නොගන්නා බවට බොරු කියන බවයි