තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවයෙකු වුවත් තමන්ට ලෑන්ඩ් කෘෂර් – ප්‍රාඩෝ රථ, පරිවාර ආරක්‍ෂක රථ මෙන්ම ඇඟිලි පහේ මුදු හෝ කටේ රත්තරං දත් නැති බව ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම පවසයි.
තම ආණ්ඩුව පත්වී මාස 7ක් ගතවන විට හොරකම් කර නොමැති බවත් , නාස්තිය දූෂණය බිංදුව බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ජාතික ජනබලවේගය පක්ෂයේ ජනහමුවක් අමතමිනි.
වත්මන් ආණ්ඩුව සම්බන්ධව දේශපාලන විවේචනයක් නොමැති බැවින් විපක්ෂයේ පාර්ශ්ව ” ලපයට කරන්න පුලුවන්ද මේවා ?.ඉංග්‍රීසි බෑ..බොත්තම නෑ” වැනි අවලාද නඟමින් සිටින බවද එම මන්ත‍්‍රීවරයා පවසා සිටියේ ය.