Home අද IMF ඉදිරියේ ආණ්ඩුව දන ගහයි : ගාස්තුවත් වැඩි කරගෙන විදුලියට මිල සූත්‍රයක් !

IMF ඉදිරියේ ආණ්ඩුව දන ගහයි : ගාස්තුවත් වැඩි කරගෙන විදුලියට මිල සූත්‍රයක් !

163
0

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ පවසයි.

වාර්තා වන ආකරයට එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා අත්‍යවශ්‍ය බව ද දැනුම් දී තිබේ.

මීට පෙර මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ නිවේදනයේ ද වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ පහත සඳහන් කරුණු සපුරාලීම මත කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇති බවය.

(i) පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කිරීම සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීම සම්බන්ධ පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම.

(ii) බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ කැප වූ මූල්‍ය දායකත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාණවත් ප්‍රගතිය තහවුරු කිරීම කෙරෙහි අවධානය යොමු කරන මූල්‍යන සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම.

ඒ සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම කොන්දේසිය ඉටුකිරීමට යාම හමුවේ වත්මන් ආණ්ඩුව පසුගිය මැතිවරණ සමයේ ලබාදුන් තවත්  පොරොන්දුවක් වන ” ඉතා ඉක්මනින් විදුලි ගාස්තු 1/3න් අඩුකිරීම ” යන්න කඩවුණු පොරොන්දුවක් බවට පත්වෙයි.

වඩාත් සුවිශේෂ කාරණය වන්නේ මෙම පොරොන්දුව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානයක විසින් පෞද්ගලිකව, ස්ථිර කොට පැවසූවක් වන නිසාය.

කෙසේ වුවත් රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ පිරිවැය ආවරණය කිරීමේ විදුලි ගාස්තු මිල සූත්‍රය හඳුන්වාදීමට සූදානමක් ඇති බවයි. ඒ අනුව විදුලි ගාස්තු ඉහල යාමේ පසුබිමක් පවතී.

https://rb.gy/qte5zx

 

Previous articleරනිල් – සජිත් ජනාධිපති කරනවා, කියූවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න: සිරස සුරංග නජිත්ගෙන් බැගෑපත්ව ඉල්ලයි !
Next articleහිටපු ජනාධිපතිවරුන් 4 ක් වැඩිපුර වාහන ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here