Home අද ඉන්දියාව එක්ක අත්සන් කරපු ගිවිසුම් එළියට දාන්නේ අපිට ඕනේ වේලාවට – මාලිමා...

ඉන්දියාව එක්ක අත්සන් කරපු ගිවිසුම් එළියට දාන්නේ අපිට ඕනේ වේලාවට – මාලිමා මන්ත්‍රී

268
0

ඉන්දියාව සමග අත්සන් තබන ලද ගිවිසුම් ලබාදෙන්නේ ආණ්ඩුවට අවශ්‍ය වෙලාවට බව පා. ම චන්දිම හෙට්ටිආරච්චි පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ආණ්ඩු පාර්ශ්වය වෙනුවෙන් එම වැඩසටහනට සහභාගි වූ මන්ත්‍රීවරුන් කියා සිටියේ තමන් එම ගිවිසුම් දැක ඇති බවත් ඒවා සම්බන්ධයෙන් අවබෝධයක සිටින බවත් විපෂයේ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වෙලාවට නොව එය ලබා දෙන්නේ තමන්ට අවශ්‍ය වෙලාවට බවයි.

එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කරන ලද්දේ මෙතෙක් එම ගිවිසුම් ජනතාවට හෙළිනොකර ඒවා සඟවන්නට උත්සහ දරන්නේ ඒවායේ රටට අහිතකර දේ ඇති හෙයින් බවයි.

පළාත් පාලන මැතිවරණයට පෙර ඒවා ජනතාවට හෙළිදරව් වුවහොත් ඉන්දියාවට අවශ්‍ය පරිදි සියල්ල සිදුකිරීමට එකඟතාවට මාලිමා ආණ්ඩුව එකඟ වී ඇති බව දැනගන්නා බැවින් එයට බයේ මෙම ගිවිසුම් පාර්ලිමේන්තුවට හෝ ජනතවට හෙළිදරව් නොකර සඟවා සිටින බව ඔවුන් ප්‍රකාශ කර සිටියා.

එහිදී චන්දිම හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා කියා සිටියේ විපක්‍ෂයට අවශ්‍ය ලෙස එම ගිවිසුම් ලබා දෙන්නේ නැති බවත් ඒවා පාර්ලිමේන්තුවට දාන්නේ ආණ්ඩුවට අවශ්‍ය වෙලාවට බවයි.

Previous articleහිටපු ජනාධිපතිවරුන් 4 ක් වැඩිපුර වාහන ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදෙයි
Next articleNPP මැති ඇමතිවරුන් වැටුප් නොගන්නා බව කොහේවත් කියලා නෑ : ලක්මාලි අභියෝග කරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here