Home අද ඔබ දැනුවත්ද ? ගමේ බලය ජවිපෙට ගන්න අලුත් කමිටුවක් හදලා ?

ඔබ දැනුවත්ද ? ගමේ බලය ජවිපෙට ගන්න අලුත් කමිටුවක් හදලා ?

636
0

ප්‍රජා කමිටුවක මුවාවෙන් වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන හවුල්කරුවා වන ජනතා විමුක්ති පෙරමුණ එහි සාමාජිකයන් යොදවා “මහජන ආරක්ෂක කමිටු” නමින් නව කමිටුවක් පිහිටුවා ගම් මට්ටමේ බලය ව්‍යාප්ත කරගැනීමේ කූඨ උපායක් දියත්කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

මීට පෙර රටේ කාළීන අවශ්‍යතා මත ජනතාව ගම් මට්ටමින් සංවිධානය කළත් ඊට කිසිසේත් තනි පක්ෂ නියෝජනයක් ලබා නොදුන් බව සිහිපත් කළ මන්ත‍්‍රීවරයා නමුත් වත්මන් ආණ්ඩුවේ මහජන ආරක්‍ෂක කමිටු මුළුමනින්ම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් යොදාගැනීමේ පැහැදිලි සැලැස්මක් ඇති බවද අනාවරණය කළේය.

ඒ වෙනුවෙන් ශ්‍රීලංකා පොලිසිය යොදාගෙන පොලිස්පති හරහා අප්‍රේල් මාසයේ චක්‍ර ලේඛයක් නිකුත්කර ඇති බවද සඳහන් කළේය.

එය නීති විරෝධී හා සජාචාර විරෝධී ක්‍රියාවක් බව සඳහන් කළ දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිම් මට්ටමේ සිට අහෝසි වීමේ අවධානමේ හෙළීමක් බවද පෙන්වා දුන්නේය.

එබැවින් ජනතාව තමන්ගේ ගමේ පිහිටුවීමට යන කමිටු පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද මන්ත‍්‍රීවරයා අවධාරණය කර සිටියේ ය.

මීට අමතරව මාලිමාවේ අය අද ගොවි සංවිධාන සහ අනෙකුත් සමිතිවල සාමාජිකයන් ඉවත් කර අලුතෙන් පත් කරගන්න හදනවා ඒ උත්සාහ ගන්නේ ඔවුන්ගේ අය හිත ඇතුළත් කර ගැනීමට බවටත් මන්ත‍්‍රීවරයා චෝදනා කළේය.

එබැවින් ප්‍රජා කමිටු පිහිටු වෙනවා නම් සියලු පාර්ශ්ව නියෝජනය වන පරිදි ඒවට සාමාජිකයන් ඇතුළත් කර ගතයුතු බව ප්‍රජාතන්ත්‍රවාදය අගයන කාගේත් ස්ථාවරය බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධව සිදුකළ සොයා බැලීමේදී අනාවරණය වූයේ, දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14022 ම ආවරණය වන ආකාරයට මහජන ආරක්ෂක කමිටු පිහිටුවාලීමට වැඩබලන පොලිස්පතිවරයා ගේ නියමයෙන් චක්‍ර ලේඛයක් නිකුත්කර ඇති බවයි.

2025 අප්‍රේල් මාසයේ මුල් සතියේ නිකුත්කර ඇති එකී චක්‍ර ලේඛය 2758/2023 C(I) ලෙස නිකුත්කර ඇති බවත් ඒ හරහා ප්‍රජා පොලිස් සංකල්පය ක්‍රියාත්මක කළ 2758/ 2023 චක්‍ර ලේඛය අවලංගු කර ඇති බවත් වාර්තා වෙයි.

නිකුත්කර ඇති නව චක්‍ර ලේඛය අනුව අදාළ මහජන ආරක්ෂක කමිටු පිහිටුවාලීමට ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සභාපතිගේ මඟ පෙන්වීම සහ දායකත්වය අනිවාර්ය කර ඇති අතර ඒ සඳහා ක්ලීන් ශ්‍රීලංකා කමිටු සාමාජිකයන් දෙදෙනෙකු පත්කිරීමද අනිවාර්ය කර ඇති බව වාර්තා වෙයි.

රාජ්‍ය නිලධාරියකු ලෙස මේ කමිටුවේ ලේකම් ධූරය ග්‍රාම නිලධාරීවරයාට ලබාදීමට කටයුතු කර ඇතත් සෙසු සියලු සාමාජිකයන් ජවිපෙ වීමට අවශ්‍යය තත්ත්වයක් නිර්මාණය කර තිබෙන බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය

Previous articleමගෙ කටේ රත්තරන් දත් නෑ හැබැයි මමත් මන්ත්‍රී කෙනෙක්
Next articleනලින්ද බොළඳයි – සෞඛ්‍ය වර්ජනය අදත් ක්‍රියාත්මකයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here