හිටපු ජනාධිපතිවරු සිව් දෙනෙක් ඔවුන් පාවිච්චි කළ වැඩිපුර වාහන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරදී ඇත.
රජය ලබා දී ඇති වාහන අතරින් වාහන දෙකක් හැර අනෙකුත් සියලු වාහනය ජනාධිපති කාර්යාලය වෙත භාරදෙන ලෙස හිටපු ජනාධිපතිවරු සියලු දෙනාට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පසුගියදා ලිඛිත දැනුම් දීමක් කරනු ලැබීය.
ඒ අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගග මහත්මිය හැර සෙසු හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ. මෛත්‍රිපාල සිරිසේන. ගෝඨාභය රාජපක්ෂ. රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වාහන දෙක බැගින් තබාගෙන සෙසු වාහන ජනාධිපති කාර්යාලය වෙත බාරදී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල යේ ආරංචි මාර්ග තහවුරු කරයි.
කැබිනට් අමාත්‍යවරයෙකුට භාවිතා කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් පසුගියදා ඔවුන් වෙත ලිඛිත දැනුම් දීමක් කර තිබූ අතර ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ටද කැබිනෙට් ඇමතිවරුන්ට සමාන වාහනය ලබාදීමට තීර තීරණය කෙරිණි.