මැණික් ගඟ රක්ෂිතයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙකු නීති විරෝධීව ඉදිකර ඇති නිවසක් සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ( 29) දහවල් ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපති එල්.අර්.විමලරත්න මහතා අත්අඩංගුවට ගෙන ඇත.
රාජපක්ෂ පවුලට අයත් බව කියන මෙම නිවස ඉදිකිරීම සම්බන්ධව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ තවත් කිහිප දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රශ්න කර තිබේ.
මැණික් ගඟේ රක්ෂිතයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක මෙම නිවස ඉදිකර ඇත්තේ එවකට දේශපාලන බලය යොදාගෙන බව ප්‍රදේශවාසීහු පවසති.
මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු සහ මීට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.