Home අද නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් චන්ද්‍රිකා අඛන්ඩව වැඩ (PHOTOS)

නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් චන්ද්‍රිකා අඛන්ඩව වැඩ (PHOTOS)

124
0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ට සහය දැක්වීම සඳහා ඔවුන්ගේ මැතිවරණ හමුවලට සහභාගී වීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම පක්ෂය හා එක්වන නව සාමජික සාමාජිකාවන්ට හැඳුනුම්පත් ලබාදීමේ වැඩසටහනකටද එතුමිය එක්ව තිබෙනවා.

No description available.

No description available.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් තමාගේ නම සහ ඡායාරූප අනවසරෙයන් මැතිවරණ ප්‍රචාරණය සඳහා යොදා ගෙන ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා වෙත පසුගියදා ලිපියක් මගින් දන්වා යවා ඇති පසුබිමක ඇය මෙයාකාරයෙන් පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ට සහය දැක්වීම සඳහා දායක වීම විශේෂත්වයක් වනවා.

එම ලිපියේ සඳහන් ව ඇත්තේ අත්තනගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පුටුව ලකුණින් මෙරව පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන පොදුජන එක්සත් පෙරමුණේ යම් අපේක්ෂකයින් ප්‍රදේශය පුරා තමාගේ ඡයාරූප සහ හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ ද ඡායාරූප සහිත ව අත්පත්‍රිකාවක් ගෙයින් ගෙට බෙදමින් සිට ඇති බවත් සහ පෝස්ටර් අලවා ඇති බවත්ය.

එවැනි අත්පත්‍රිකාවක් බෙදා හැරීමට හෝ පෝස්ටර් මුද්‍රණයට තමාගේ ඡායාරූපයක් භාවිත කිරීමට තමන් කිසිදු අවසරයක් ලබා දී නොමැති බවත් හිටපු ජනාධිපතිනිය විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා යවා තිබේ.

මෙලෙස තම රුව මැතිවරණ ව්‍යාපාරයට භාවිතා නොකිරීමට කටයුතු කරන මෙන් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී තිබුනත් පසුගියදා කැලණිය ආසනය සහ ගම්පහ ආසනේ පොදු ජන එක්සත් පෙරමුණක් පුටුව ලකුණින් ඉදිරිපත් වී සිටින අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ හමුවකට සහභාගී වීමටත් අත්තනගල්ල ප්‍රදේශයේ මාතලන් සහ දඩගමුව කොට්ඨාසවලින් පුටුව ලකුණ යටතේ ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම රැස්වීම් කීපයකටද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සහභාගි වී තිබෙනවා.

No description available.

No description available.

No description available.

Previous articleහතර පස් දෙනෙක් කිව්වට ආණ්ඩුවම බොරු කියන්නේ නෑ – ඇමති නලින්ද
Next articleමැණික් ගඟ රක්ෂිතයේ නිවසක් සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපති අත්අඩංගුවට!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here