මේ රටේ සෑම දරුවෙකුටම හොඳ පාසලකට ප්‍රවේශය, ගුණාත්මක අධ්‍යාපනයක් සහ වඩා හොඳ අනාගතයක් සඳහා පවතින අවස්ථාවන් පිළිබඳව අප සැවොම වගකීම දැරිය යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියේ අප්‍රේල් 26 වන දා කුරුණෑගල පොල්ගොල්ල දේවපාල විද්‍යාලයේ 30 වන සංවත්සර සැමරුමට සහභාගී වෙමින්.
වත්මන් ආණ්ඩුව ගොඩනැගීමට බලාපොරොත්තු වන අනාගත ලෝකයේ පදනම අධ්‍යාපනය බව තමන්ගේ විශ්වාසය බවත් එය අප සියලු දෙනා සතුව තිබෙන එක් පොදු වගකීමක් බවත් අග්‍රාමාත්‍යවරිය එහිදී අදහස් දක්වා සිටියා.
මෙහිදී කුරුණෑගල පොල්ගොල්ල දේවපාල විද්‍යාලයේ සිසුවියක් විසින් අග්‍රාමාත්‍යවරියට සිහිවටනයක් ලෙස සිතුවම් කළ එතුමියගේ චිත්‍රයක් ලබාදීමට කටයුතු කර තිබුනා.
අග්‍රාමාත්‍යවරිය මෙලෙස පාසලක උත්සවයකට සහභාගී වුවත් පසුගිය සැප්තැම්බර් 25 වෙනි දින අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයකින් සඳහන් කළේ දේශපාලඥයන්ට පාසල් උත්සව සඳහා ගෙන්වීම වහා නතර කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට දන්වන ලද බවයි.
නව දේශපාලන සංස්කෘතියක් තුළ දේශපාලකයින් පාසල් තුළට පැමිණ දේශපාලනය සිදුකිරීමට බලාපොරොත්තු නොවන බවද ඇය සඳහන් කළා.
එමෙන්ම පසුව ඇය විසින් දේශපාලනඥයන්ට පාසල් උත්සව වලට යාම තහනම් කරමින් නීති පනවා නොමැති බවද කියා සිටියා
දේශපාලනඥයන්ට පාසල් උත්සව වලට යාම තහනම් කරමින් නීති පනවා නෑ – අගමැතිනි