අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ ලිපි ලේඛන ජනාධිපති අනුර කුමාර දිසානයක ඇතුලු ඔහුගේ කාර්‍යාලය ලබාගෙන ඇතිදැයි තමන් එම කොමිසමෙන් විමසූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
එසේ පැවසීමට හේතු විමසීමේදී තමන්ට කොමිසමෙන් සිදුකළ කැඳවීම මෙන්ම තමන් ඊට දැක්වූ ප්‍රතිචාරය සඳහන් ලිපිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානයක මඩකළපුව පැවති ජනහමුවකදී පවසන බව දැනුම්දුන් බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (28) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
ස්වාධීන කොමිසමක ලේඛන එසේ හෙළිදරව් වෙන්නේ කෙසේද යන්න ප්‍රශ්න කළ ඒ මහත් , ඒ බව තහවුරු කෙරෙන ජනාධිපති අනුරගේ මඩකළපුව ප්‍රකාශයත් හිටපු ජනාධිපතිවරයා මාධ්‍යට ඉදිරිපත් කර සිටියේ ය.
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරය දරද්දී රාජ්‍ය බැංකුවක ස්ථාවර තැන්පතු ගිණුමක් එම බැංකුවෙන් ඉවත් කිරීම හරහා රජයට අලාභ සිදු කළේ යැයි එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අද හිටපු ජනාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් කැඳවා තිබූ අතර, එම ප්‍රකාශය ලබාදීමෙන් පසුව හිටපු ජනාධිපතිවරයා විසින් සිය දේශපාලන කාර්‍යාලයේ දී මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණ.
එහිදී චාමර සම්පත් දසනායක මන්ත‍්‍රීවරයා වෙත එල්ලකර ඇති චෝදනාව සම්බන්ධවද අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැයක් පවතින්නේ ආණ්ඩුවේ වියදම් වලට බවත් ඒ හරහා වෙන් කරන මුදල් බැංකුවල තැන්පත් කිරීමට විසර්ජන පනතෙන් අනුමැතිය නැති බවද පැවසීය.
අදාළ චෝදනාව අනුව ගතහොත් රාජ්‍ය මුදල් පිටකොටුවේ පොලී මුදලාලි කෙනෙකුට ලබා දී පොලී මුදල් ලබා නොගත්තේ යැයි භාණ්ඩාගාර ලේකම්ට නඩු පැවරිය හැකි බවද තමන් අල්ලස් කොමිසමට පෙන්වා දුන් බවද ඒ මහතා සඳහන් කළේය .
රජයේ මුදල් තැන්පතු ගිණුමෙන් ඉවත් කිරීමේ වරදක් තමන් තමන් නොදකින බවද කී ඔහු වරද ඇත්තේ රජයේ මුදල් තැන්පතු මුදලේ දැමීම බවද තවදුරටත් එම කොමිසමට තමන් පැවසූ බවද ඔහු පැවසුවේය.