තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද ( 28) තීරණය කළේය.
කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු දියත් කර තිබිණි.
ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වාදීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම සම්බන්ධව විමර්ශනය කළ අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆීර් තාහිර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනා අධිකරණ මිනිසුරු මඩුල්ල විසින් මෙම තීරණය ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා ඇතුළු පිරිසක් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත