Site icon Newshub

සූර්යවංශි සහ කමිඳු ඉන්දියන් ප්‍රිමියර් ලීග් උඩු යටුකුරු කරයි!

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වයස අවුරුදු 14 ක් වන වෛභව් සූර්යවංශි, 2025 IPL තරගාවලියේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ඉතිහාසගත ඉනිමක් වාර්ථාකලා.

IPL තරඟාවලියේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ශතකයක් ලබාගත් පළමු පිතිකරුවා මෙන්ම 2025 තරඟාවලියේ වේගවත්ම අර්ධ ශතකයටද හිමිකම් කියන්නේ මේ කෝඩුකාර ක්‍රීඩකයාය. ඒ පන්දු 17 කින් අර්ධ ශතකයක් රැස් කරමින්.

එම අවස්ථාව නරඹන්න

මීට අමතරව චෙන්නයි සුපර් කින්ග්ස් කණ්ඩායම සමග පැවති තරඟයේදි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ඩිවාල්ඩ් බ්‍රෙවිස් දවා ගැනීමට විශ්මයජනක උඩ පන්දුවක් ලබා ගත්තේය.

මෙන්ඩිස් හතරේ සීමවට ගමන් කළ පන්දුව අල්ලා ගැනිමේදි චෙපෝක් ක්‍රීඩාංගණයේ කෙටි නිශ්ශබ්දතාවයක් ද ඇති විය. තරඟය අවසානයේදි ඉන්දිය ක්‍රිකට් කන්ඩායමේ ක්‍රීඩක ඉශන් කිෂන් පැවසූවේ මෙවර තරඟාවලියේ දුටු හොඳම උඩ පන්දු රැකිම කමිඳු ලබාගත් උඩපන්දුව බවයි.

එම අවස්ථාව නරඹන්න

Exit mobile version