Home අද ආවටත් වඩා සතුටින් රනිල් අල්ලස් කොමිසමෙන් පිටව යයි

ආවටත් වඩා සතුටින් රනිල් අල්ලස් කොමිසමෙන් පිටව යයි

76
0

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (28) උදෑසන අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර එම ස්ථානයෙන් පිටව ගියේය.

ඒ සම්බන්ධව මාධ්‍ය ආවරණ කටයුතු වල නිරතව සිටි මාධ්‍යවේදියෙකු අප වෙත වාර්තා කර සිටියේ, හිටපු ජනාධිපතිවරයා සිනාමුසු මුහුණින් ස්ථානයෙන් පිටව ගිය බවත්, මාධ්‍යට අදහස් දැක්වීමක් සිදුනොකළ බවත් ය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණියේ, මේ වන විට බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ව සිටියදී සිදුකළ බව පැවසෙන චෝදනාව සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් වීඩියෝවක් මාධ්‍යට නිකුත්කර තිබීම පදනම් කරගෙන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සිදුකළ කැඳවීමකට අනුව ය.

Previous articleබොරලැස්ගමුවේ බෝම්බ ප්‍රහාරය ගැන මෛත්‍රීගෙන් සාක්ෂි ගනියි !
Next articleCOPE කමිටුවෙන් දූෂිත හා අක්‍රමිකතා වලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට ඇඟ හිරිවැටෙන ආරංචියක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here