Home අද බොරලැස්ගමුවේ බෝම්බ ප්‍රහාරය ගැන මෛත්‍රීගෙන් සාක්ෂි ගනියි !

බොරලැස්ගමුවේ බෝම්බ ප්‍රහාරය ගැන මෛත්‍රීගෙන් සාක්ෂි ගනියි !

43
0

2008 වසරේ ඔක්තෝබර් බොරලැස්ගමුව ප්‍රදේශයේදී 10 වනදා එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධව නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගෙන් කොළඹ මහාධිකරණය හමුවේ අද (28) සාක්ෂි සටහන් කරගනු ලැබීය.

එවකට කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මරණයට පත් කිරීමේ අරමුණින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද ඉදිරියේ  විභාගයට ගැනුණු අතර මෙම සාක්ෂි විමසීම සිදුකෙරුණේ එහිදී ය.

එම අවස්ථාවේදී මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව සාක්ෂිකාර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණයේ පෙනී සිටියේය.

ඒ අනුව නඩුවේ පළමු වන සාක්ෂිකරු වශයෙන් නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුකිරීමෙන් අනතුරුව ඔහු මුදාහැරීමට නියම කෙරුණි.

Previous articleපුංචි ඡන්දයටත් නලින්දගෙන් ලැයිස්තුවක් !
Next articleආවටත් වඩා සතුටින් රනිල් අල්ලස් කොමිසමෙන් පිටව යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here