යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් අද (28) මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට යුරෝපා සංගමයේ GSP+ බදු සහනයට අදාළ ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම එම නිලධාරීන් කණ්ඩායම මෙරටට පැමිණීමේ අරමුණ වී තිබේ.
ඒ අනුව මෙරටට පැමිණෙන යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායම ලබන මැයි මස 07 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.
එහිදී දේශපාලනඥයින්, රජයේ නිලධාරීන්, සිවිල් සමාජය හා වෘත්තීය සමිති රැසක් සමඟ ඔවුන් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.
මේ සම්බන්ධව අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ 2024 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 3 ක අපනයනයක් සහිත වූ යුරෝපා සංගමය මෙරට දෙවන විශාලතම අපනයන ගමනාන්තය බැවින් මෙම සංචාරය ලංකාවට අතිශයින් වැදගත් බවයි. ඇමරිකානු තීරුබදු ඉහල දැමීම නිසා අර්බුදයට පත්වීමේ අවධානමකට ලක්ව තිබෙන මෙරට අපනයන වෙළෙඳපොළට සහනයක් ලබාගැනීමට රජය උත්සාහ කළ යුතු බවත් එහිදී යුරෝපා වෙළෙඳපොළ ආරක්ෂා කර ගැනීම මෙන්ම නව අවස්ථා උදාකර ගැනීම තීරණාත්මක බවත් ඔවුන් පෙන්වා දෙයි.