Home අද චාමර වෙනුවෙන් හිටපු ජනපති රනිල් අල්ලස් කොමිසමේ !

චාමර වෙනුවෙන් හිටපු ජනපති රනිල් අල්ලස් කොමිසමේ !

139
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ ඇත.

ඒ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක , ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ දී සිදුවුවායැයි පැවසෙන දුෂණ චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රේල් 17 වනදා අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට දැනුම් දී තිබුණ ද, එදින ඔහුට පැමිණීමට නොහැකි බවට සිදුකළ දැනුම් දීමකින් අනතුරුව අද (28) දිනයේ දී පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.

ඒ අනුව අද උදෑසන 9.15 ට පමණ ඒ මහතා අල්ලස් කොමිසම වෙත පැමිණ ඇති බවත් මේ වන තුරු ඔහු එහි රැඳීසිට අදාළ ප්‍රකාශය ලබාදෙමින් සිටින බවත් වැඩිදුරටත්  වාර්තා වෙයි.

Previous articleහිටපු ජනපති වරුන්ට සහන කාලයක්
Next articleමැතිවරණ නීති උල්ලංඝනය කළ 30ක් අත්අඩංගුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here