Home අද හිටපු ජනපති වරුන්ට සහන කාලයක්

හිටපු ජනපති වරුන්ට සහන කාලයක්

507
0

හිටපු ජනාධිපතිවරුන්ගේ භාවිතය සඳහා නියම කර ඇති වාහන දෙකට අමතරව ඔවුන් සතුව ඇති රජයේ වාහන ආපසු භාරදීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඔවුන්ට සහන කාලයක් ලබා දී ඇත.

හිටපු ජනාධිපතිවරුට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මීට ඉහතදී වාහන තුනක් බැගින් ලබා දී තිබිණි.

නමුත් පසුව හිටපු ජනාධිපතිවරයකුට භාවිත කළ හැක්කේ රජයේ වාහන දෙකක් පමණක් බවට රජය ගනු ලැබූ තීරණයට අනුව ඔවුන් සතුව ඇති ඉතිරි වාහනය නැවත ලබා දෙන ලෙස පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඔවුන් මෙතන ලිඛිත දැන් දීමක් කරතිබිණි.

ඒ අනුව මෙතෙක් හිටපු ජනාධිපතිවරු එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරතීන් නොමැති අතරවුන්ට ඒ සඳහා සහන කාලයක් ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යාලය පියවර ගත් බව එම කාර්යාල ආරංචි මාර්ග තහවුරු කරයි.

කැබිනට් අමාත්‍යවරයෙකුට හිමිවන වරප්‍රසාද හිටපු ජනාධිපතිවරු සඳහාද හිමිවන අතර ඒ අනුව කැබිනට් අමැති වරයෙක් රජයේ වාහන දෙකක් නිත්‍යානුකූලව භාවිත කරන අතර හිටපු ජනාධිපතිවරුන්ට ද ඒ ආකාරයෙන්ම වාහනන දෙකක් වෙන්කරනු ලැබ ඇත.

Previous articleනොවැම්බර් – දෙසැම්බර් යළිත් ආර්ථික කඩාවැටීමක් : එජාප සභාපති වජිර කියයි !
Next articleචාමර වෙනුවෙන් හිටපු ජනපති රනිල් අල්ලස් කොමිසමේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here