Home අද මැතිවරණ නීති උල්ලංඝනය කළ 30ක් අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝනය කළ 30ක් අත්අඩංගුවට

88
0

පළාත් පාලන මැතිවරණයට අදාළව පසුගිය මාර්තු මස 03 වැනිදා සිට මේ දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 30 දෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව ආධාරකරුවන් 131 දෙනෙක් වාහන 31ක් අත්අඩංගුවට ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පසුගිය කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හා ඊට අදාල පැමිණිලි 293 ක් පමණ ලැබී තිබෙන බවද එම පොලිස් නිලධාරියා අනාවරණය කළේය.

පළාත් පාලන මැතිවරණ කටයුතු ආරම්භයේ සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් දිනෙන් දින වැඩි වෙමින් පවතින බව එම නිලධාරයා වැඩිදුරටත් සඳහන් කළේය

Previous articleචාමර වෙනුවෙන් හිටපු ජනපති රනිල් අල්ලස් කොමිසමේ !
Next articleGSP+ ප්‍රගති සමාලෝචනයට : යුරෝපා සංගමයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් අද දිවයිනට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here