පාලකයින්ගේ සහ බලධාරීන්ගේ අමන තීරණ හා සැලසුම් නිසා සිරි දළදා වන්දනා වේ පැමිණි බැතිමතුන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇත.
සිරි දළදා වන්දනා කිරීමට මහනුවරට පැමිණි බැතිමතුන් වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය සේවාව හිටිහැටියේම නවතා දැමීම ඔවුන්ගේ අමන වැඩ අතරින් එකකි.
පසුගිය දින කිහිපය පුරාවටම සිරි දළදා වන්දනාව සඳහා කෝච්චි පිටින් ජනතාව මහනුවර නගරයට ගෙනවිත් පිරවීමට බලධාරීහු කටයුතු කළහ.
ඒ අනුව දින ගණනාවක් පෝලිමේ සිට දළදා වන්දනා කළ ඒ ජනතාවගේ ගමන් පහසුව සලසා ගැනීමට නොහැකිව ඔවුන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටි.
දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුවද දළදා වහන්සේ වන්දනා කර නිවෙස් බලා යෑමට ඊයේ (24) සවස මහනුවර දුම්රිය ස්ථානයට පැමිණි ජනතාවට දුම්රිය නොමැතිව එහි රැය පහන් කිරීමට සිදුවීම ඛේදනීය තත්ත්වයකි.
දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් කොළඹ සිට මහනුවර දුම්රිය ස්ථානය දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රියසේවය හිටිහැටියේ නවතා දැමීමට බලධාරීහු තීරණය කළහ.
නමුත් ඒ වන විටත් දින ගණනාවක් තිස්සේ මහනුවරට පැමිණ දළදා වන්දනාව සඳහා අවස්ථාව එළඹෙන තෙක් පෝලිම්වල සිටී ලක්ෂ හතරකට අධික ජනතාව නැවත තම ගම්බිම් කරා යන්නේ කෙසේද යන්න අවධානය යොමු කිරීමට බලධාරීන්ට ශක්තියක් නොමැති වීම නිසා එම ජනතාව මෙලෙස විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුව තිබේ.