Home Uncategorized ආණ්ඩුවේ කශඩ වැඩක් ගැන මහනුවර ස්වේච්ඡා සංවිධාන වෙතින් චෝදනා !

ආණ්ඩුවේ කශඩ වැඩක් ගැන මහනුවර ස්වේච්ඡා සංවිධාන වෙතින් චෝදනා !

720
0

ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයට පෙර දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යෙදීම හේතුවෙන් එය නිසි පරිදි සංවිධානය කර කිරීමට නොහැකිව ඇති බවත් එබැවින් මහනුවර නගරය මුළුමනින්ම කසල ගොඩක් බවට පත්ව දූෂණය වී ඇති බවටත් එම ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන චෝදනා කර සිටියි.

May be an image of 10 people and road

May be an image of 1 person

May be an image of 8 people and crowd

May be an image of 6 people, road and crowd

May be an image of 7 people and street

May be an image of 5 people

May be an image of 2 people

May be an image of 5 people

May be an image of 2 people

May be an image of 1 person, crowd and text

කිසිඳු වග විභාගයකින් තොරව ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට එකවර දළදා ප්‍රදර්ශනය නැරඹීමට විවෘත කිරීම හමුවේ මේ වන විට නගරයේ පවිත්‍රතා කටයුතු පාලනයෙන් ගිලිහී ඇති බවද ඔවුන් පෙන්වාදෙයි.

දළදා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක සේවා අවමවීම හමුවේ අසූචි, මළමුත්‍ර පවා සාමාන්‍ය කසළ මෙන් බැහැර කර ඇති අතර මතුව ඇති අර්බුදයට අසික්කිත පාලනය වගකිවයුතු බවද ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.

වත්මන් ආණ්ඩුව කිසිඳු කටයුත්තක් විධිමත් ආකාරයකට සංවිධානය කරගත නොහැකි පිරිසක් බවද මෙයින් තවදුරටත් තහවුරු කෙරෙන බවද ඔවුන් පෙන්වාදෙයි.

දළදා ප්‍රදර්ශනය සංවිධානය කිරීමට පෙර පළාත් ලෙස හෝ කිසියම් සැළැස්මකට ජනතාව සඳහා ප්‍රදර්ශනය විවෘත කළා නම් මෙවැනි තත්ත්වයක් මහනුවරට අත්නොවන බවද ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.

වාමාංශිකයන් , කොමියුනිස්ට් වැනි පිරිස් යහපත් බව පැවසුණද , දක්ෂිණාංශිකයින් නරක බව පැවසුනද ඒ කාගේත් වෙනසක් නොමැති බව මෙම අර්බුදය පැහැදිලිව පෙන්වාදී ඇති බවද ඔවුන් පවසයි.

දළදා ප්‍රදර්ශනය සංවිධානය කිරීමට පෙර මහනුවර නගරයේ පවිත්‍රතා කටයුතු සඳහා සිටියේ 40 කට අඩු සේවක පිරිසක් බව පවසන මෙම ස්වේච්ඡා සංවිධාන ඔවුන්ට කොහෙත්ම නගරයේ පවිත්‍රතාව පවත්වාගෙන යාමට නොහැකි බවද පෙන්වාදෙති.

මතුව ඇති අර්බුදයට ජනාධිපති අනුර දිසානයක ඇතුලු ආණ්ඩුව වගකිවයුතු බවද මේ පිරිස් අවධාරණය කරති.

එහි වීඩියෝව මෙතැනින්

Previous articleපුංචි ඡන්දයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් ඇරඹේ
Next articleහෙල්මට් දාගෙන සැකසහිතව හිටියොත් පරීක්‍ෂා කරන්න : පොලිස් මූලස්ථානය දැනුම්දෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here