Home අද හෙල්මට් දාගෙන සැකසහිතව හිටියොත් පරීක්‍ෂා කරන්න : පොලිස් මූලස්ථානය දැනුම්දෙයි !

හෙල්මට් දාගෙන සැකසහිතව හිටියොත් පරීක්‍ෂා කරන්න : පොලිස් මූලස්ථානය දැනුම්දෙයි !

82
0

ආරක්ෂිත හිස් වැසුම් පැළද සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය නිවේදනයක් මඟින් සියලුම පොලිස් නිලධාරින්ට සඳහා උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකරයට පසුගිය කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ අපරාධ සඳහා සැකකරුවන් පැමිණීමේදී හිස හා මුහුණ ආවරණය වන පරිදි හිස් වැසුම් පැළඳ අපරාධ සිදු කර ඇති බව නිරික්ෂණය වී ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව පොලිසියේ ස්ථාවරය වී තිබෙන්නේ හිස්වැසුම් පැළඳ සිටීම අවශ්‍ය වනුයේ යතුරුපැදියක ගමන් කරන අවස්ථාවන්හිදී වන අතර එය පැදිකරුගේ හා පසුපැදිකරුගේ ආරක්ෂාව සඳහා පමණක් බවයි.

එබැවින් යම් පුද්ගලයෙකු යතුරුපැදියක ගමන් නොකරන අවස්ථාවකදී ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන බව නිරික්ෂණය වූ විට එම පුද්ගලයා සහ ඔහු සන්තකයේ ඇති බඩු බාහිරාදිය පරික්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධාරීන් සඳහා උපදෙස් ලබා දී ඇත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ

Previous articleආණ්ඩුවේ කශඩ වැඩක් ගැන මහනුවර ස්වේච්ඡා සංවිධාන වෙතින් චෝදනා !
Next articleමහින්දගේ ආරක්ෂාව තවදුරටත් අඩු කරන බවට තවත්  ලිපියක් ආවා – නාමල් රටටම කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here