හිටපු ජනාධිපතිවරු සඳහා එක් අයෙකුට රජයේ වාහන දෙකක් ලබාදීමට රජය සැලසුම් කර ඇත.
ඒ අනුව හිටපු ජනාධිපතිවරු දැනට පාවිච්චි කරන රජයේ වාහන දෙකට වැඩි සෙසු සියලු වාහන නැවත රජයට භාරදිය යුතුය.
එසේම කැබිනට් අමාත්‍යවරයෙක් සඳහා ද රජයේ වාහන දෙකක් හිමි වෙන අතර එම සංඛ්‍යාවම හිටපු ජනාධිපතිවරුන් වෙතද ලබාදීමට තීරණය කර තිබේ.
මීට අදාළ චක්‍රලේඛනය ජනාධිපති ලේකම් කාර්යාලයේ විසින් නිකුත් කළ බව එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.