Home අද දේශබන්දුගේ චෝදනා විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුව පත්කෙරේ

දේශබන්දුගේ චෝදනා විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුව පත්කෙරේ

108
0

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත.

කථානායක වෛද්‍යය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත් කරන ලද මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා කටයුතු කරයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති අභියාචනාධිකරණයේ හිටපු විනිසුරු නීල් ඉද්දවල, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරු එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

මෙම කමිටුව පත්කිරීමට අදාළා යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර දේශබන්දු තෙන්නකෝන් කමිටුව හමුවට කැඳවීමට නියමිතය.

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා විමර්ශනය කිරීමෙන් පසු කමිටු වාර්තාව කථානායකවරයාට ඉදිරිපත් කර පසුව පාර්ලිමේන්තුවටද යොමු කර සම්මත කරගත යුතුව තිබේ.

Previous articleලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් බය හිතෙන නිවේදනයක් !
Next articleදළදා වදින්න ගිය 275ක් ලෙඩ වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here