Site icon Newshub

ගම්පහදී දුම්රියක් පීළි පනී ගමනාගමනයට බාධා.!

ගම්පහ දුම්රිය ස්ථානය ආසන්⁣නයේදී අද (23) පස්වරුවේ දුම්රිය පීලි පැනීමක් සිදුව ඇති අතර එහෙයින් දුම්රිය ගමනාගමනය මුළුමනින්ම ප්‍රමාදවෙමින් තිබේ.

ප.ව. 4.25ට කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ අංක 1169 දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇත.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සියලු දුම්රිය එක් මාර්ගයකින් පමණක් ගමන්කිරීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

https://www.facebook.com/www.newshub.lk/videos/1825362104909059

Exit mobile version